Registration

Instructions for User Registration 

විදයුත් ඉගෙනුම් සේවා ලබාගැනීම සඳහා සෑම සිසුවෙකුම erevision.lk පද්ධතිය තුළ ලියාපදිංචි විය යුතුය.

ලියාපදිංචි වීම ආකාර දෙකකි.

  • දැණටමත් දැක්ම-මාතර, සාත්රා -තංගල්ල හා තිග්මා-ගාල්ල නගර වල පාඨමාලාව වෙත සහභාගීවන සිසුන් තම ඇතුලත්වීමේ අංකය භාවිතා කරමින් ලියා පදිංචි විය හැක.
  • අප පාඨමාලාව වෙත මාර්ගගතව පමණක් සහභාගීවීමට අපෙක්ෂා කරණ සිසුන් සාමාන්‍ය ආකාරයට ලියාපදිංචි විය හැක.

 

eRevision.lk සඳහා සම්බන්ධවීම විස්තර කරණ  විඩියෝ සමුහය

eRevision.lk විදයුත් ඉගෙනුම් පද්ධතිය හි ලියාපදිංචිය හා පාඨමාලාව සඳහා ඇතුලත් වන ආකාරය අවබෝධය ලබාදීම සඳහා සකස් කළ විඩියෝ වැඩසටහන් පිළිවලින් පහත දක්වා ඇත. එම විඩියෝ පිළිවලින් නරඹා පසුව eRevision.lk හි ලියාපදිංචි වී පසුව, පාඨමාලාව වෙත සම්බන්ධ වීම කළ හැකිය. අනතුරුව ඉ‌ගෙනුම් විඩියෝ සඳහා නියමිත විඩියෝ මඟින් පැහැදිලි කර තිබෙන පරිදි සම්බන්ධ විය යුතුය.

 පංති පැවැත්වෙන අවස්ථාවේ දි  පංතිය වෙත සම්බන්ධ වීම සඳහා   හා  ‌ ඔබ වෙත ඉමේල් හෝ වෙනත් ආකාරයෙන් Meeting ID හා Password යොමු කිරීමක් නොකරයි.  පංති පැවැත්වෙන වේලාව ඔබ සම්බන්ධ වන පාඨමාලාව (course) යටතේ දක්වා තිබෙන අතර, එම අවස්ථාවේ දි eRevision.lk පද්ධතිය වෙත පිවිස  දක්වා තිබෙන අධිසම්බන්ධකය (Link) ක්‍රියාත්මක කරමින්   Zoom සමඟ  දේශණයට සම්බන්ධ විය හැක.

දේශණ සඳහා සහභාගී වීමට Zoom Cloud Meeting App ඔබගේ  පරිගණකය හෝ ජංගම දුරකතනය තුළ ස්ථාපිත කර තිබිය යුතුය.

 

අප පාඨමාලාවට සහභාගීවන සිසුන් ලියාපදිංචි වීම

අප පාඨමාලාවට සහභාගීවන සිසුන්, දැනටමත් ලබා තිබෙන ඇතලත්වීමේ අංකය භාවිතා කරමින් erevision.lk වෙබ් අඩවිය තුළ ලියාපදිංචි විය යුතුය.

සාත්රා-තංගල්ල ආයතනයේ පාඨමාලාවට සහභාගීවන සිසුන් එම ආයතනය මඟින් පවත්වාගෙන යන https://www.jweducation.online/sathra.php  වෙබ් අඩවිය මඟින් ලියාපදිංචි විය යුතුවේ.

  • නම, ඉමෙල් ලිපිනය, ස්ත්‍රී/පුරුෂ බව හා විෂයධාරාව ඇතුලත් කරන්න.

 

 

ඔබ අප පාඨමාලාව සඳහා සහභාගී වන සිසුවෙකු නම්, පහත check box ලකුණ කරන්න.

එවිට ලැබෙන කවුළුව තුළ ඔබගේ ඇතුලත්වීමේ අංකය නිවැරදිව ඇතුලත් කරන්න. එම අංකය නිවැරදි නම් පමණක් ඔබගේ ගිණුම සක්‍රීය කරයි. එවිට ඉගෙනුම් සේවාවවන් නොමිලේ භාවිතා කළ හැකිය.

 

මාර්ගගතව පමණක් අප පාඨමාලාවට සහභාගී වන්නේ නම් ඇතුලත්වීමේ අංකය ඇතුලත් කිරීමක් අවශ්‍ය නැත. ඔබගේ ඇතුලත් වීමේ අංකය ස්වංක්‍රීයව සකස් වනු ඇත.

 

පළමු වර ඇතුලත් කළ මුරපදයම, නැවතත් ඇතුලත් කර නිවැරදි බව තහවුරු කරන්න. ඔබගේ මුරපදය අකුරු 8 කට වැඩි අගයක් විය යුතුය.

Register Button සක්‍රිය කළ විට ගිණුම සකස් කිරීමේ මුලික පියවර අවසන් වේ.  

ඔබගේ ගිණුම තහවුරු කරගැනීම සඳහා ලබාදුන් ඉමෙල් ගිණුම වෙත ලිපියක් ස්වංක්‍රීයව යොමු වේ. 

ඔබගේ ඉමෙල් ගිණුමට ඇතුලත් වි erevision.lk වෙතින් ලැබි තිබෙන ඉමෙල් ලිපිය පරික්ෂා කරන්න. Inbox තුළ ලිපිය නොමැති නම්, spam තුළ ලිපිය අඩංගු ද පරික්ෂා කරන්න. එම විද්‍යුත් ලිපිය තුළ පහත ආකෘතිය ඇතුලත් වේ.

 

එම විද්‍යුත් ලිපිය පරික්ෂාකර, එහි Verify Email address ක්‍රියාත්මක කරන්න. එවිට ඔබගේ ගිණුම සකස් කිරීමේ කාර්යය සාර්තකව අවසන් වේ. අනතුරුව ඔබගේ username හා password භාවිතයෙන් ගිණුමට ඇතුලත් විය හැකිය.

 

පරිශීලක පැතිකඩ (User Profile) සම්පූර්ණ කිරීම

මුල් තොරතුරු ඇතුලත් කිරීමෙන් පසු, පරිශීලක username හා password ඇතුලත් කර පද්ධතියට ඇතුලත් විය යුතුය. පසුව පරිශීලකගේ අනෙකුත් තොරතුරු ඇතුලත් කර පරිශීලක පැතිකඩ සම්පූර්ණ කළ යුතුය.

First Name

සිසුවාගේ නම - මුල් කොටස

Last Name

සිසුවාගේ නම - අවසන් කොටස

Email

ඉමේල් ලිපිනය

Mobile

ජංගම දුරකතනය

Date of Birth

උපන්දිනය

Address

ලිපිනය

City

ලිපිනයට අදාල නගරය

 

 

Batch:

උසස් පෙළ කාණ්ඩය

Subject Stream:

විෂයධාරාව

Attempt:

උසස්පෙළ මුහුණ දෙන වාරය

School:

පාසල

A/L First Subject:

දෙවන විෂය

A/L Second Subject:

තෙවැනි විෂය

O/L "A" Count:

O/L ICT Grade:

සාපෙළ ප්‍රතිඑලය

NIC:

හැදුනුම්පත් අංකය

 

 

Parent Name:

මව/පියාගේ නම

Parent Mobile:

ජංගම දුරකතන අංකය

Parent Job:

රැකියාව

Update Password:

අවමය අකුරු 8 මුරපදය භාවතා කරන්න

 

පරිශීලක ජායාරූපය සිසුවාගේ/පරිශීලකගේ උඩුකය ඇතුලත් සමීප ඡයාරූපය උඩුගත කළ යුතුය. පරිශීලක ඡයාරූපය ආකෘතිය පහත දැක්වේ. එවැනි ආකෘතියක් ඇතුලත් විය යුතුය.